විදාලන්නට නිදහසේ තටු කියා නොමදෙයි සියොත් කැළ හටරටා මවනට මුවේ රැඳි බස පවුරු වැට බැමි බඳිනු කුමකට?රට සමුදා බසේ සැඟවුණ නොදා හණමිට හඹස් කූඩෙටවිවර කරවා දෙනෙත බස වෙත බෙදයි බස රස තුරුණු දෑතට
බසේ සැඩ දඬු තැන් මකා බස සකසමින් මුදු සුමුදු වහරටරටා ලියකම් රැඳුණු බස රස අදට ඔබිනා ලෙසට මුසුකොටබබුළුවන්නට අපේ හෙළ බස ගෙන ගොසින් සිඳු තෙරින් එතෙරටපණ ගැහෙන බස සුසුම රැකුමට යුතුකමයි මහැදුරණි ඔබහට
මුලකුරේ රස නෙතට හුරුකොට පණ පොචවා නිති අකුරු මිහිරටඔබෙන් ඔපවුණු කුඩා තරුකැට කරන අයැදුම උදා හිරු හටවලා අතරත දිවාකර ලෙද ගිමන් හරිනට නොහැක ඔබහටදිගාසිරි ලැබ රකිනු මැන බස සැරඳදෙමින් බස සේම මතුවට
අමාෂා ඉඳුවඊට ප්‍රනාන්දු12 ශ්‍රේණිය – කලා – විශාඛා විද්‍යාලය – කොළඹ 05